ප්‍රංශ තානාපතිවරයාට රට හැර යන ලෙස බල කරමින් පෙළපාලි

ප්‍රංශ තානාපතිවරයාට සහ ප්‍රංශ සොල්දාදුවන්ට නයිජර් රාජ්‍යය හැර යන ලෙසට බල කරමින් නයිජර් හි අගනුවර වන නියාමි හි පිහිටි ප්‍රංශ හමුදා කඳවුරක් ඉදිරිපිට විශාල පෙළපාලි සංවිධානය කර තිබෙනවා.

දැනට පාලනය බලය හොඹවන හමුදා නායකයන් චෝදනා කර ඇත්තේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පෙර පවතී ප්‍රංශ යටත්විජිත මුල් කර ගෙන බෙදුම්වාදී පිළිවෙතක් අනුගමනය කරන බවයි.

පසුගිය දින කිහිපය පුරා පැවති විරෝධතා සාපේක්ෂ වශයෙන් සන්සුන් හා සංවිධානාත්මක බවක් පෙන්නුම් කළ ද අද දිනයේ විරෝධතාකරුවන් ආරක්ෂක අංශ විසින් පිහිටුවා ඇති බාධක ද තල්ලු කර දමමින් ප්‍රංශ හමුදා කඳවුරු වෙතට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.

මීට සතියකට පමණ ඉහත දී ප්‍රංශ තානාපති Sylvain Itte ට පැය 48 ක කාලයක් ඇතුළත නයිජර් රාජ්‍යය හැර යාම සඳහා එරට හමුදාව විසින් නියෝග කර තිබුණත් ඔහු තවමත් එහි සිටින බවයි වාර්තා වෙන්නේ.