ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සැප්තැම්බර් 02 වන දා සිට දිවයිනේ සෑම ග්රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.
ගමෙන් බිහි වූ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුව ගමේ දේශපාලනය ශක්තිමත් කරමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කටයුතු ආරම්භ කරන බවයි මන්ත්රීවරයා පවසන්නේ.
එසේම පසුගිය කාලයේ ආසන බල මණ්ඩල පවත්වමින් පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වූ සියලු දෙනාටත් විශේෂයෙන් ස්තුති වන බව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසනවා.

