දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ගත වූ පැය 24 තුල දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණු අතර එය මිලිමීටර 127.7 ක් ලෙස සටහන් වී තිබුණා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට ඉදිරි කාලයේ දී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.