උතුරු ප්‍රංශයේ Le Touquet ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන Elizabeth රැජිනට ගෞරව පිණිස “Elizabeth II Le Touquet – Paris-Plage” ලෙස නම් කිරීමට සූදානම් බව වාර්තා වෙනවා.
පසුගිය සැප්තැම්බර් මස දෙවන Elizabeth රැජිනගේ මරණයෙන් දින 06 කට පසු එම ගුවන්තොටුපොළේ නිලධාරීන් විසින් මෙම යෝජනාව Buckingham මාළිගාවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ දෙවන Elizabeth රැජිනට උපහාර දැක්වීමේ අරමුණෙනි.
මේ සඳහා තෙවන චාල්ස් රජු විසින් අවසර ලබා දී ඇති අතර තවමත් මෙම නව නම් කිරීම සන්ධාන නාම පුවරුව විවෘත කරන දිනයක් පිළිබඳව දන්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

