ලබන සතිය මුල 2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම සතියේ අග ප්රතිඵල නිකුත් කිරීමට මින් පෙර සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත මෙම සතියේ ප්රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
මෙවර විභාගය 2023 ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 වන දා දක්වා පැවැත් වුණු අතර ඒ සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 78 196 දෙනෙක් සහ, පෞද්ගලික අයදුම්කරුවන් 53,513 දෙනෙක් සහභාගී වී තිබෙනවා.

