අස්වැසුම දේශපාලන සූදුවක් – සජිත්

අස්වැසුම වැඩසටහනට නිසියාකාර වැඩපිළිවෙලක් නොමැති බවත්, එහි සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවයට පත් ග්‍රාම නිලධාරීන් සමඟ ඊයේ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක් අතරතුර දී විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට පළමුව සිදු කළ යුතුව තිබුනේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව හඳුනා ගෙන ඒ හරහා ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.