අස්වැසුම ප්රතිලාභීන් තවත් ලක්ෂ 06 ක් පමණ පිරිකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කරනවා.
මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම්, අස්වැසුම ප්රතිලාභින්ගේ විරෝධතා හා අභියාචනා පරීක්ෂා කරමින් පවතින බවයි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ.
පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්රතිලාභය හිමි වු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කෙරුණි.

