සිඳුණු ජලාශවල මැණික් ගැරීමේ සූදානමක්

සමනලවැව ජලාශය, හැටන් නොර්ටන්බ්‍රිජ් ජලාශය සහ ඉහළ කොත්මලේ ජලාශයේ මැණික් ඉල්ලම් ගොඩ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ආර්ථික අධීක්ෂණ කාරක සභාව අදාළ අංශවලට දැනුම් දී තිබෙනවා.

එහි සභාපතිවරයා සඳහන් කළේ සමනලවැව ජලාශයේ පමණක් ඩොලර් මිලියන 1500 ක් පමණ වටිනා මැණික් ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙන්ම මැණික් පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇති බවයි.

සමනල වැව ජලාශයේ සොරොව්ව, වැව් බැම්ම, ජලාශයේ විදුලි නිෂ්පාදන සහ ජලය මුදා හැරීම සඳහා ස්ථාපිත යන්ත්‍රවලට කිසිදු පාරිසරික අගතියක් නොවන ලෙස මෙම මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ යාන්ත්‍රයක් සකස් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිලිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභව උපදෙස් ලබා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.