විදේශ ගතවන ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන කහ උණ එන්නත දැනට මාස කිහිපයක සිට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බව වාර්තා වෙනවා.
මේ නිසා විදේශගත වන පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත් ව ඇති අතර කහ උණ පැතිර යාමේ අවදානමක් ද මතුව ඇති බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව කහ උණ රෝග තත්ත්වය වලක්වා ගැනීම සඳහා නිසි පරිදි එන්නත් ලබා දීම සාමාජික රටවල වගකීමක් වුවත් පවතින මෙම එන්නත් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව අදාළ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ද සිදු ව තිබෙනවා.

