කැලෑ ගිනි ගැනීම් ගැන 117 අංකයට දැනුම් දෙන්න

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල කැළැ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පෙන්වා දෙන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කැළැ ගිනිගැනීමේ සිදුවීම් 129ක් වාර්තා වී ඇති බවයි. 

ඒ අතර ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරන ලද කැළැ ගිනි තැබීම් වාර්තා වන බව ඔහු සදහන් කළේය. 

කෙසේවෙතත් ගිනි නිවීමේ කටයුතු සදහා මේ වන විටත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව කටයුතු කරන බව සදහන්. 

කැලැ ගිනි ගැනීම් සම්බන්ධයෙන් යම් තොරතුරු ඇතොත් ඒ සම්බන්ධයෙන්  117දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සදහන් කළේය.