පැයට කිලෝමීටර 175 ක පමණ වේගයෙන් යුතු සුළං ඇති කරමින් Idalia සුළි කුණාටුව ෆ්ලොරිඩාවේ ගොඩබිම් ප්‍රදේශයට කඩා වැද තිබෙන බව වාර්තා වෙනවා.
මෙම තද සුළං මඟින් මුහුදු ජලය රට තුළට තල්ලු කිරීමක් සිදු වන බැවින් මීටර 4.8 ක පමණ විශාලත්වයෙන් යුතු කුණාටුවක් අපේක්ෂා කළ හැකි බවයි ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පවසන්නේ.
එම ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල මේ වන විටත් ගංවතුර තත්ත්වයන් ඇති වී ඇති අතර මෙම කුණාටුව හේතුවෙන් සිය රථය පාලනය කර ගත නොහැකිව රියදුරෙක් මරණයට පත් වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එසේම කුණාටුව හේතුවෙන් 280,000 කට වැඩි පිරිසක ගේ විදුලිය ද විසන්ධි වීමකට ලක් වී තිබෙනවා.
මේ වන විට Idalia සුළි කුණාටුවේ කේන්ද්‍රය දකුණු ජෝර්ජියාව වෙත ගමන් කරමින් පවතින බවයි ඇමරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය දැනුම් දී තිබෙන්නේ.

