වගා හානි සඳහා වන්දි ලැබෙන්නේ බෝග 6 කට පමණි

පවතින වියළි කාලගුණය හේතුවෙන් හානි වුණු වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි මුදල් පිරිනැමෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එසේම අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නියං තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන්නේ.