අස්වැසුම සම්බන්ධ විමසීම් සඳහා ක්ෂණික දුරකථන අංකයක්

1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් සියලු විමසීම් සිදුකළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

එම අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සියලු විමසීම් සිදුකළ හැකි බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන දීමනා දැනටමත් ගෙවා ඇති බවත්, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව ත් අමාත්‍යවරයා පවසනවා.