ඉම්රාන් ඛාන් ගේ සිර දඬුවම අත් හිටුවයි

විදේශයන්ගෙන් ලැබුණු ත්‍යාග අලෙවි කිරීමේ නඩුවේ වරදකරු වූ හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට නියම කර තිබූ තෙවසරක සිර දඬුවම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද දිනයේ ඉම්රාන් ඛාන් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

70 හැවිරිදි ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරන ලද 2018 – 2022 යන කාල සීමාවේ දී විදේශිය රජයන්ගෙන් සහ නායකයන්ගෙන් ලැබුණු තෑගී විකිණීමෙන් උපයාගත් වත්කම් ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් පසුගිය අගෝස්තු 5 වන දින වරදකරු ලෙස එරට අධිකරණය විසින් නම් කරුණු ලැබුවා