ජූලි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම රේගු වාර්තාවට අනුව පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි වෙනවා.

එහි වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 2.18% ක් වන අතර සංඛ්‍යාත්මකව ඇමරිකානු ඩොලර් මිලියන 1027.2 ක් දක්වා වැඩි වී තිබෙනවා.

ආනයන සීමා ලිහිල් කිරීම මත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ක්‍රියාවලිය වේගවත් වීම සහ වර්ධන වීම හරහා නැවත නිමි ද්‍රව්‍ය විදේශයක් වෙත අපනයනය කිරීම ශක්තිමත් වීම මෙම වර්ධනයට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.