දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා කල් ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.
දේශීය ආදායම් පනත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පැවතීම හේතුවෙන් මෙලෙස කල් ගොස් ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීම අද දිනයේ සිදු කිරීමටයි මින් පෙර සැලසුම් කර තිබුණේ.

