රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද ඇමරිකානු ඩොලරයට හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රු. 317.80 සිට රු. 317.96 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එසේම ඩොලරයේ විකුණුම් මිල රු. 329.63 සිට රු. 329.52 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බවයි නිරීක්ෂණය කළ හැකි වෙන්නේ