අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 08 දෙනෙක් සඳහා රුපියල් බිලියන 05ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත අද පෙරවරුවෙන් මුදා හැර තිබෙනවා.
හෙට දිනයේ දී මේ සඳහා සම්බන්ධ වී සිටින රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා කිසිදු බාධාවකින් තොරව නව වැඩපිළිවෙළ අනුව ජනතාවට එම ප්රතිලාභ ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කර බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.
සමාජ ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් සඳහා ප්රතිලාභ ලබාදීමට පාර්ලිමේන්තුවේ එකඟතාව පළකර තිබෙන අතර මේ වන විට ලක්ෂ 15ක් පමණ ප්‍රතිලාභීන් පිරිසක් තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා.

