පසුගිය 2022 වසරේ දී පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2512 ක් ලැබී ඇති බව 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කොමිෂන් සභා ප්‍රගති වාර්තාවේ සඳහන් වෙනවා.
මෙම පැමිණිලි අතරින් වැටලීම් සඳහා ලද පැමිණිලි සංඛ්‍යාව 69 ක් වන අතර විමර්ශනය සඳහා අල්ලස් හා දූෂණ පැමිණිලි 864 ක් ලැබී තිබෙනවා.
එසේම මේවා අතරින් පැමිණිලි 928 ක් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොතිබීම හා අපැහැදිලි බව හේතුවෙන් ඉවත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

