උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
මෙම විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණිය පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 වන ශ්‍රේණිය සඳහා වෘත්තීය විෂයන් කිහිපයක් යටතේ NVQ 4 වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.
මෙම විෂය ධාරාව තෝරාගත් පාසල් 525 ක උගන්වෙන අතර මේ සඳහා ඇතුළත් කර ගැනීමේ දී සාමාන්‍ය පෙල විභාගයේ සමත් අසමත් බව බල නොපාන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

