ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඖෂධ කන්ටේනර් ගබඩාවල

වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් 41 ක් අනාරක්ෂිතව කැලණියේ ප්‍රදේශයේ ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

මේවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද ඖෂධ බවයි වාර්තා වෙන්නේ.

එහි සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ඖෂධ අනාරක්ෂිතව ගබඩා කිරීමක් සිදු කර නොමැති බවත්, වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒවා කැලණිය ප්‍රදේශයේ ප්‍රවාහන සපයුම්කරුවෙක් සතුව ඇති ආරක්‍ෂිත ගබඩා වල ගබඩා කර ඇති බවත් ය.