අස්වැසුම දීමනා ලබා දීම හෙට සිට

නිවැරදිව තොරතුරු තහවුරු කරන ලද ප්‍රතිලාභීන් ලක්ෂ 08 ක් සඳහා ජූලි මාසයට අදාළ අස්වැසුම සුබසාධන මුදල් හෙට බැංකුවලට බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.

එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කර ගැනීමෙන් අනතරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් වූ සමීක්ෂණ කරයුතු ද ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු සුදුසුකම් ලත් ප්‍රතිලභින්ට ගෙවීම් සිදු කරනු ඇති බව ද ඔහු පවසනවා.