ඩෙංගු සඳහා ඉන්දියානු එන්නතක් 2026 දී

එන්නත් නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගමක් වන Indian Immunologicals Limited (IIL) සමාගම විසින් 2026 වසරේ මුල් භාගය වන විට ඩෙංගු සඳහා වන එන්නතක් වාණිජමය වශයෙන් දියත් කිරීමට තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කරනවා.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වයස අවුරුදු 18-50 ත් අතර පුද්ගලයින් 90 දෙනෙක් පමණ යොදා ගෙන සිදු කරන ලද පළමු අදියරේ අත්හදා බැලීම් වල දී කිසිදු අහිතකර බලපෑමක් එන්නත මඟින් පෙන්නුම් නොකළ බවයි.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව තුළ, ඩෙංගු ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වී ඇති අතර මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ කාල සිමාවේදී ඩෙංගු රෝගීන් 31,464 ක් සහ මරණ 36 ක් වාර්තා වී තිබෙනවා.

මේ වන විට එක්සත් ජනපදයේ ඩෙංගු සඳහා Dengvaxia නම් වූ එන්නතක් පවතින අතර එය ඩෙංගු ආකාර හතරටම එරෙහි ආරක්ෂාවක් ලබා දෙමින් ඩෙංගු රෝගය හේතුවෙන් ඇති විය හැකි සංකුලතා පාලනය කරනවා.