සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 90% ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය වහාම අත්හිටවනු බවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශය බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට මෙවැනි තීරණ ගත නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

