ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයට බල පැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුරු – මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව යි.

අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි විජලන තත්ත්ව වළක්වා ගැනීමට වැඩිපුර දියර වර්ග පානය කරන ලෙසත්, දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම අවම කරන ලෙස ත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.