ඉන්දියාවේ සඳ තරණයට ශ්‍රී ලංකාවෙන් සුබ පැතුම්

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාවට සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එසේම මෙම ජයග්‍රහණය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.