HIV ආසාදිතයන් ගණන ඉහළට

2021 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී HIV ආසාදිතයන්ගේ 48% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්දන වැඩසටහන පවසනවා.

2022 වසරේ හඳුනා ගෙන ඇති HIV ආසාදිතයන් ප්‍රමාණය 607 ක් ද, 2023 වසරේ මේ වන විට හඳුනා ගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 347 ක් ද වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බවයි එම වැඩසටහන වැඩිදුරටත් පවසන්නේ.