දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීම සඳහා පෞද්ගලික සහ රජයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශ කමිටුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී තිබෙනවා.
එම කමිටුව ආවරණය කරන ක්ෂේත්රය පිළිබඳව අවම වශයෙන් මාස 06 කට වරක්වත් රැස්ව ප්‍රගතිය සමාලෝචනය කළ යුහ්ටු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ මුල පිරිම් වල ප්‍රගතිය සමාලෝචනයට එක වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස නිසා ඇති වන දේශීය මෙන්ම ගෝලීය අභියෝග වලට මුහුණ දීමට ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

