ඩොලරය තව දුරටත් ඉහළට

අද දිනයේ ද ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනීම් මිල රුපියල් 316.99 සිට රුපියල් 317.46 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ඩොලරයේ විකුණුම් මිල ද රුපියල් 329.75 සිට රුපියල් 329.86 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.