එළවලු ගොවීන්ටත් අඩු මිලට යූරියා

ලබන මහා කන්නයේ සිට එළවලු ගොවින් සඳහාත් වී ගොවීන්ට යූරියා පොහොර ලබා දෙන මිලටම යූරියා ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැනට වෙළඳපොලේ පොහොර මිල ගණන් ඉහළ මට්ටමක් පැවතීමෙන් එළවලු ගොවීන් මහත් අසීරුවට පත්ව ඇති නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.

එසේම ලංකා පොහොර සංස්ථාව සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් සකස් කොට ඇති මිශ්‍රණ පොහොර ද වෙලදපොලේ පවතින් මිල ට වඩා අඩු මුදලකට ලබා දීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.