ජූලි මාසයට අදාළ වැඩිහිටි, වකුගඩු, ආබාධිත දීමනා ලබන සිකුරාදා සිට

ජූලි මාසය සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව, සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව ලබන සිකුරාදා සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එම දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 2,684 ක මුදලක් භාණ්ඩාගාරය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යවා තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.