නෙදර්ලන්තය සහ ඩෙන්මාකය යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට සැරසෙයි

යුක්රේන නියමුවන්ට ලබා දෙන ප්‍රහාරක ගුවන් යානා පිළිබඳ පුහුණුව අවසන් වූ පසු F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 61 ක ප්‍රමාණයක් යුක්රේනයට ලබා දෙන බව නෙදර්ලන්තය සහ ඩෙන්මාකය නිවේදනය කර තිබෙනවා.

ඩෙන්මාකයේ අගමැති Mette Frederiksen ප්‍රකාශ කළේ මේ වසර අවසානය වන විට ඩෙන්මාකය විසින් යුක්රේනයේ නිදහස උදෙසා වන සටන වෙනුවෙන් ජෙට් යාන 19 ක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට නෙදර්ලන්තය සතුව F-16 ගුවන් යාන 42 ක් පවතින අතර ඔවුන් කොපමණ ප්‍රමාණයක් යුක්රේනයට පරිත්‍යාග කරනවා ද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩෙන්මාකයේ රුසියානු තානාපති Vladimer Barbin ප්‍රකාශ කර සිටියේ මෙලෙස යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට ගත තීරණය හේතුවෙන් යුක්රේනය ගැටුම තවදුරටත් වර්ධනය කර ගනු ඇති බවයි.