ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර 100 ක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයින පුරා ජලය බෙදාහැරීම සඳහා බවුසර් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉල්ලුම් කරන පරිදි රෝහල් හා සමාජ සේවා ආයතනවලට මේ හරහා ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ මේජර් ජනරල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ.

වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 ක ජල සැපයුමට බලපෑම් එල්ල වී ඇති අතර බාධා එල්ල වී ඇති ජල සම්පාදන ක්‍රම සංඛ්‍යාව 45 ක් බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.