උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

අගෝස්තු 22 දිනට වලංගු වන පරිදි, උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි එහි සඳහන් වෙන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම ප්‍රදේශවල සිටින ජනතාවට හැකිතාක් ජලය පානය කරමින්, හිරු එලියට නිරාවරණය වීම අවම කරන ලෙසයි.