දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ප්‍රධාන භූ කම්පනයට පසුව හට ගත් පසු කම්පනය වලින් කිහිපයක් ද රික්ටර් මාපකයේ ඒකක 3.0 ට වඩා ඉහළ ඒවා ලෙස වාර්තා වී තිබෙනවා.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කම්පනය හේතුවෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.