පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 11 දෙනෙක් මරණයට

උතුරු පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැක කෙරෙන ප්‍රහාරකින් පුද්ගලයන් 11 දෙනෙක් මිය ගොස් ඇති බව එරට භාරකාර අගමැති අන්වාර් උල් හක් මහතා ප්‍රකාශ කරනවා.

ඇෆ්නගින්ස්ථාන දේශ සිමාවේ පිහිටි හමුදා ඉදි කිරීම් ස්ථානයකට කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක මෙම පිපිරිම සිදු වී ඇති බවයි එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම තවම කසිදු සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.