ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් කොන්දේසි සම්බන්ධව IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් හඳුන්වාදුන් වැඩපිළිවෙළ විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ 57% ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ශ්‍රී ලංකාව විසින් මේ වන තෙක් ඉටුකර ඇත්තේ 35% ක් පමණක් බව යි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉදිරියට යමින් පවතින්නේ මූල්‍ය අරමුදලට එකඟවූ කාලසීමාවන් අනුව නොවන බව එම ආයතන සඳහන් කරනවා.
සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර 71% ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මසකට කොන්දේසි 18 බැගින් ඉටු කිරීමට රජයට සිදුව ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

