පළාත් පාලන, පළාත් සභා යන ආයතනවල කටයුතු වලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්තාව ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය සභා, පළාත් සභා, සහ මධ්‍යම රජය යන අංශ තුනම යොදා ගනිමින් අවම මුදලක් වැය කරමින් ජනතාවට සේවය සැපයීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරිමා ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මාසයක කාලයක් ඇතුලත ඒ පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

