දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ දේශපාලඥයන් විසින් ලබා දෙන ලද ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට සිදු නොවන බවයි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් තෝරා ගන්න පොලිස් ස්ථානාධිපතිවරුන් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත පත් කිරීම මින් ඉදිරියට සිදු වනු ඇති බවටයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

