2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ලසින් මාලිංග නැවතත් කටයුතු කරන බව වාර්තා වෙනවා.
ඒ පසුගිය IPL තරඟාවලි නවය පුරා එම තනතුර දැරූ ෂේන් බොන්ඩ් වෙනුවට යි.
2021 වසරේ දී සිය ක්රිකට් තරඟාවලි වලින් විශ්රාම ගැනීමෙන් පසු, මාලිංග 2022 දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඔවුන්ගේ වේග පන්දු පුහුණුකරු ලෙස එක් වූ අතර, ඔහු IPL තරඟාවලි දෙකක් සඳහා එම තනතුරේ කටයුතු කළේය.
මෙය ලසිත් මාලිංග විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයට එක්වන දෙවන අවස්ථාව වනවා.

