ජෝ බයිඩන් චීන ජනපති හමුවීමේ අපේක්ෂාවෙන්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තමන් මේ වසර අග දී චීන ජනපති ෂි ජින් පින් මහතා හමු වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ලබන නොවැම්බර් මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් සහයෝගිතා සමුළුවේ දී මෙම හමුව සිදුවීමට නියමිත බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බයිඩන් සහ ෂි ජින් පින් අතර පළමු හමුව 2022 වසරේ නොවැම්බර් වල දී සිදු වූ අතර එහි දී ලෝක ආර්ථිකය කළමනාකරණයට දායක වීමට රටවල් දෙකම එකඟත්වය පළ කරනු ලැබුවා.