දුම්රිය හරස් මාර්ගයක නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගමනාගමනයට බාධා

කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව අදාළ දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව සඳහන්ය.

ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය ලබන 21 වනදා පෙරවරු 08.00 සිට 22 වනදා පෙරවරු 05.00 දක්වා වසා තැබෙයි.

ඒ අනුව, අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.