විදුලිය මිල දී ගැනීම සඳහා අනුමැතිය හිමි වෙයි

මාස 6 ක කාලයක් සඳහා මෙගා වොට් 100 ක විදුලිය මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

කොන්දේසි 3 ක් යටතේ මෙම අනුමැතිය ලබා දී ඇති අතර අගෝස්තු 18 වෙනි දා සිට මාස 06 ක් දක්වා පමණක් එය වලංගු වනවා.

අදාළ කොන්දේසි පහතින්,

  1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදු කළ යුත් අතර මිල දී ගැනීම සඳහා ලබා දුන් කාලය අවසානයේ දී එම මිල දී ගැනීම් පිළිබඳව ස්වාධින විගණනයක් සිදු කළ යුතු වෙනවා.
  2. කොත්මලේ පොල්පිටිය 220kv රැහැන 2024 අගෝස්තු 31 වන දා ට පෙර සක්‍රිය කළ යුතු වෙනවා
  3. අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිල දී ගැනීම සිදු කළ යුතු වෙනවා.