එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.
අද දිනයේ ඩොලරයක ගැනුම් මිල 314.45 සිට රු. 314.78 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එහි විකුණුම් මිල ද 327.82 සිට රුපියල් 327.87 දක්වා ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර ස්ටර්ලින් පවුමට සාපේක්ෂව එය සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.

