කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කරයි

හෙට සිට නැවත දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට සපයන ජලය සීමා කිරීමට සිදු වන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

එසේම ඇති වී ඇති පානීය ජල අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක් සඳහා බවුසර් මගින් ජලය බෙදාහැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ආපදා සහන සේවා මධ්‍යස්ථානය එක්ව පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

මේ අතර සමස්ත දෛනික පිරිපහදු කළ පානීය ජල සැපයුම් ධාරිතාවය 09%කින් අඩුවී ඇති බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි සියලුම ජල පාරිභෝගියන්ට දැනුම් දෙනවා.