ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව ආබාධිත වූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා ද,ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ද ඉහළ දමා තිබෙනවා.
එසේම ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා වැඩි කර තිබෙනවා.
ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා ද, නිවාස අලුත්වැඩියා කිරීම සඳහා ලබා දුන් දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇති බවයි සඳහන් වෙන්නේ.

