වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බර් 01 වන දා සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරන බව මධ්‍යයම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කරනවා.

ඒ අනුව අනෙකුත් පළාත්වල ලියාපදිංචි වාහන සඳහා වුවද මධ්‍යම පළාතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

දැනට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි වන්නේ වාහනය පළමුව ලියාපදිංචි කර ඇති පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පමණි.