ඇෆ්ගන් තරුණියන් සිය අයිතීන් වෙනුවෙන් රට හැර යයි

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය තුළ කාන්තා අයිතීන් සීමා කරමින් විවිධ වූ නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එරට තරුණියන් බොහෝ දෙනා විදෙස් ගත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානය සිය පාලනයට නතු කර ගත් 2021 අගෝස්තු මාසයේ සිට කාන්තාවන්ගේ ජීවිතය විශාල ලෙස වෙනස් වීම් වලට ලක් වූ අතර ඔවුන්ට අධ්‍යාපනය ලැබීම, රැකියාව, සහ තමන් කැමති ලෙස ඇඳුම් පැළදුම් භාවිතය යන බොහෝ අයිතීන් අහිමි විය.

මෙම තත්ත්වය හමුවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණින් ඇෆ්ගන් තරුණියන් 450 දෙනෙකු පමණ ගතවු කාලය තුළ විදෙස් ගත වී ඇති බව යි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් තලෙයිබාන් පාලනයේ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම තරුණියන්ට සිය රට වෙත යළි පැමිණීමට හෝ මව්පියන් ඇතුළු ඥාතීන් හමුවීමේ අවස්ථාව ද අහිමි වනු ඇත.