මාළු මිලේ අඩු වීමක්

පසුගිය වකවානුවේ වාරකන් සහ දේශගුණික තත්ත්වයක් හේතුවෙන් සීග්‍ර ලෙස ඉහළ ගිය මාළු මිල ගණන් මේ වන විට අඩු වී ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී. උපුල් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ අද වන විට ලින්නන් මාළු රුපියල් 400 ත් 500 ත් අතර මිල ගණන් දක්වා ද, කෙලවල්ලා රුපියල් 1100 දක්වා සහ බලයා රුපියල් 700 දක්වා ද අඩු වී ඇති බවයි.