ලංකාවේ පවුල් 10,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කළ ද ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් තවමත් ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 39 ක් පමණ මධ්‍යස්ත ආහාර අනාරක්ෂිතතාවයකින් සහ තවත් පවුල් 10,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බවයි.

එසේම ආහාර අනාරක්ෂිතතා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සමාජ ආරක්ෂණ වැඩසටහන් මත යැපෙන කඳුකරයේ පවුල්වලට බවයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ